Thursday, August 4, 2016

Ransomware Virus (කප්පම් වෛරසය) 2016

අද දවසේ මම නැවතත් භීෂණයක් වෙමින් පවතින කප්පම් වෛරසයේ නවතම තතු ඔබට කියන්නයි මේ සූදනම් වෙන්නේ. ටික දවසක් අසනීපයෙන් ගත කරපු නිසා මේ වෛරසයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මා කරන ලද විෂ්ලේශනයන් ඔබ වෙත ගෙන එන්නට ප්‍රමාද වුනා.

Cryptowall 2.0 , 3.0 වලින් පටන් ගත් මෙම කරදරකාරී වෛරස ආක්‍රමණය දැන් දැන් ඉතා වේගයෙන් ශ්‍රී ලංකාව තුල පැතිරී යන බව ද එයට මුහුණ දීමට ඔවුන් ඉල්ලා සිටින කප්පම් මුදල් ශ්‍රි ලංකාවේ අප සතුව නොමැති නිසා අකමැත්තෙන් වුවත් පරිගණකයේ දත්ත සම්පූර්ණයෙන් මැකීමට සිදුවන බව (format) නිරීක්ෂණය කෙරේ.

මෙම වෛරසය විටින් විට update කරන නිස‍ා මෙය අද දින වන විට මෙය attack කර ඇති බව දැන්වීමට වෛරසයේ නිර්මාපකයන් විසින් එය audio file එකක් run කර Attention! Attention!  යනුවෙන් දත්ත encrypt කර ඇති බව දන්වයි මෙය attack කර ඇති file සියල්ලෙහි extension එක CERBER ලෙස වෙනස් කර ඇත.



ඉහත රුපසටහනේ පෙන්වන ලද ලිපිගොනුව ගීත අඩංගු folder එකකි. එහි තිබු file කිහිපයට  CERBER Extension එක යොදා ඇත. මෙහි තිබෙන කිසිදු file එකක්වත් Open කිරීමට නොහැකියි.
මෙවන් අවස්ථාවක දී ඔබට ගතහැකි ඉක්මන් ක්‍රියා මාර්ගය කුමක්ද?

            හොඳයි මම අත්හදා බලන ලද දත්ත recovery ක්‍රමය මම ඔබට කියන්නම් එත් සැළකිය යුතුයි වෛරසය attack කර දින 03 ඉක්ම ගෙ‍ාස් ඇත්නම් මේ ක්‍රමයෙනුත් කනගාටුවෙන් උවත් කිව යුතුයි ඔබ ප්‍රමාදයි.

                        *. ShadowExplorer tool එක මම ඒක බාගන්න link එකක් දාන්නම් 

Link---- >
https://drive.google.com/open?id=0B4BCWiSS6jPUUXVPbERBS1IwSGc )

                            නැතිනම් මේ software එක hirans boot cd 15.0 එකේ තියනවා මෙය Run කරල data
    recover කරගන්න

·         Recuve software එකෙනුත් නැතිවුනු දත්ත නැවත ගන්න පුුළුවන් 


Link---- >
 ( https://drive.google.com/open?id=0B4BCWiSS6jPUYjVTT05VWEp6dE0 )

අදට මේ ඇති මම හොයාගන්න හැම දෙයක්ම ඔයාලට දාන්නම්

ආ මට අමතක වුනා මම හිතාගෙන හිටයේ මේ වෛරසය එන එක නවත්වන වෛරස් ගාඩ් එකක් ගැනත් කියන්න ඔනෙ Avira ගාඩ් එක best එහෙමත් නැත්නම් Malware byte ගාඩ් එක Avira වලින් සියළු වෛරස shortcut වෛරසයත් ගාඩ් වෙනවා