Friday, September 15, 2017

Drive කියල ලියන pen Drive Shortcut වෛරසය

මට අද අහන්න ලැබුනා Drive කියල ‍Folder එකකට සියළු file කොපි වෙන වෛරසයක් පටන් අරන් කියල නමුත් ඒකට මම මීට කලින් විසඳල තියනවා ඒ ගැන දන්න ඈයෝ ඒ පිළිබඳ අනෙක් අයට දැනුම් දීල නැති නිසා කියල මම හිතන්නේ හොඳයි 

අද මම ඒ ගැන කියල දෙන්න යන්නේ ඒ ගැන නොදන්න අයට

අපි කිසිම දෙයක් දන්නෙ නැතිව ‍කොහේ හරි තියන පරිගණකයකට ගිහින් අපේ වැඩේ කරගන්න අවශ්‍ය නිසා අපේ ලඟ තියන pen එක External Hard Disk එක සම්බන්ධ කරනවා

කරුමෙට

 PEN එකේ තියන සියලු දේවල් ටික අතුරුදහන් වෙලා Drive කියල Shortcut එකක් විතරක් තියනවා හැබැයි File සියල්ල නැති වෙලා

කොහාමද දෙයියනේ තිබ්බ Data ටික ගන්නේ ඒ මදිවට මේ පරිගණකයෙත් වෛරස් ගාඩ් එකකුත් තියනවා එතකොට කොහොමද ඔබේ දත්ත ටික ඔක්කොම නැති වෙල තියෙන්නෙ

හා කියන්න බලන්න

දන්නේ නැහැ නේද?

දත්ත ටික හොයාගන්න නම් ලේසි ක්‍රමයක් තියනවා මේ ගැන දන්න අය මම හිතනවා ගොඩක් ඇති ඒත් ඉතින් නොදන්න අයත් ඉන්නවනේ ඒ අයට කියල දෙන්නයි මේ මම හදන්නේ





ඔබ පාවිච්චි කරන මෙහෙයුම් පද්ධතියේ (Operating System Ex: Windows 10) search එකේ CMD කියල type කරන්න
 


එතකොට උඩින් පෙන්නාවි කළු පාට box එකක් Command Prompt කියල ගහල තියන



හා.......   හා ........
 


කලබල වෙලා නිකම්ම ඒක open කරගන්න එපා මතක තියාගන්න Run as Administrator මගින් ඒක Open කර ගන්න


Windows XP වලදි Administrator කෙනෙක් මගින් මෙය Run 
 
කලයුතු නැහැ



මවුසයේ වම් පැත්තෙන් එක්වරක් Click කර නැවත දකුණු පැත්ත Click කර ඒකේ තිබෙන Run as Administrator මතක ඇතිව Click කරන්න


ආ...... තව දෙයක් මතක් කරන්න අමතක වුනා

ඔයාල දන්නවනේ Mycomputer නැත්නම් පහල රෑපසටහනේ තියන This PC කියන්නෙ මොකක්ද කියල  නේද?  නැතිනම් ඒකෙන් තමයි අපි දැනගන්නෙ අපේ පරිගණකයේ තිබෙන C, D, E  කියන partitions අපේ documents, downloads යනාදී folders සහ DVD rom එක එක්වරම බලා ගන්න තිබෙන තැන ගැන

හොඳයි දැන් එතනට ගිහින් බලන්න    

 

ඔයාලගේ pen Drive එකට ඇවිල්ල තියන Drive letter එක (උදාහරණ F , G ලෙස)
දැන් ඔයාල දන්නවා F කියල කියන්නේ ඔයාලගේ pen ඩ්‍රයිව් එක කියල නේද
දැන් යන්න අර cmd එක ඇතුලට ඒ කියන්නේ කළු පාටින් තියන c:\admin\user> හරි මොන නමක් හරි ගහල තියන සුදුපාට ඉරක් නිවි නිවී පත්තුවෙන තැනට

එතැනදී  F:\ කියල Type කරල Enter කරන්න

දැන් ඔයාලට පෙනෙනවා F:\> කියල තැනක්

දැන් එතැනදී



රූපයේ තිබෙන පරිදි ටයිප් කරන්න ත්‍රිකෝණ සළකුණු වලින් තිබෙන්නේ හිස් තැන් ඒ කියන්නේ ස්පේස් (Space) ත්‍රිකෝණ ගහන්න එපා
  




ටයිප් කරල Enter කරන්න ඊට පස්සේ ටික වේලාවක් ගිහින් නැවත F:\>  පෙන්වයි


දැන් ඔබේ දත්ත සියල්ලම පෙන්වන වාද නෑ නේද හැබයි ඔයාලට පෙනේවී Drive කියල folder එකක් pen ඩ්‍රයිව් එකේ තියනවා Drive කියල folder එකේ ඇතුලට ගිහින් බලන්න ඒකේ file සියල්ල ඔබට පෙනෙනවා නේද

දැන් ඔක්කොම හරි නමුත් වෛරසය තියන පරිගනක‍යට මොකක්ද කරන්නේ
‍තාවකාලිකව හෝ එම පරිගනකයට වෛරස ගාඩ් එකක් දාගන්න වා නම් මේ වෛරසය සම්බන්ධයෙන් හොඳම වෛරස ගාඩ් එක තමයි AVG Basic Free
හුඟක් අයට ලේසියෙන්ම Internet එකෙන් මේ ගාඩ් එක Download කරගෙන ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්

අදට ලියල ඉවරයි